tag:blogger.com,1999:blog-41818175071276562652024-02-01T22:45:35.731-08:00තක්සලාවක් වූ ඉස්පිරිතාලය2011 ඔක්තෝබර් 04 වන දින සිට මාහට මහරගම පිලිකා රෝහල දෙවෙනි ගෙදරක් සම විය.
මේ මහරගම පිලිකා රෝහලේ ඔබ නොදකින කතාවයි...!ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4181817507127656265.post-24172924218901129782015-09-13T13:35:00.003-07:002015-09-13T14:16:59.013-07:00මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිලිගත් මහා ඖෂධ වංචාව
බුකියේත් දිවයිනෙත් ගිය ලිපි දෙකක් දැක්කට පස්සේ මට ආයෙත් බ්ලොග් එකක් තියේ නේද කියලා මතක් වුනා. මේක මම බලාපොරොත්තුවෙන පොස්ට් 20ක් විතර අභිබවා යාමක්. කියවලම බලන්නකෝ.
හිතුවා.
ෆුකුශිමා භුමිකම්පාවත් එක්ක "ලියුනේස්" කියන ලංකාවේ එතෙක් භාවිතා කරපු
ජපානයෙ හදන ඇස්පරජිනෙස් එකෙ හිගයක් අතිවෙනවා. මගෙ දරුවගෙ තුන්වෙනි
විතර තියලා ලංකාවේ කිසිම තැනක ඇස්පරජිනෙස් හොයාගන්න බැරුව යනවා. මට නින්දක් කෑමක්
නැතුව මෙක හොයන්න ගන්නවා. ඉන්දියාවෙ මුම්බාඉවල බෙහෙත තියෙනවා කියලා මම හොයාගන්නවා.
මම එතකොට මගෙ ප්‍රශ්න කියන්න හිටිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙච්ච අද්මිරාල්
ධර්මසිරිවර්ධනට මෙක කියනවා. ඊටපස්සෙ ඉන්දියාවෙ ඉඳලා ලකාවට එන අපෙ කවුරුවත් ඉන්නවද
බලනවා මෙක ගෙන්නගන්න. කවුරුවත් එන්නෙ නෑ.<o:p></o:p>
එතුමා මට කියනවා “කොහොමහරි ගෙන්නගන්න නේවි එකෙන් සල්ලි දෙන්නම්” කියලා. මම
ඉතින් Asparaginase වයල් 4කට යන ගාන වන
රුපියල් 46දාහක් වෙල්ෆෙයා ෆන්ඩ් එකෙන් ගන්න රික්වෙස්ට් එකකුත් දාලා ඉවරවෙලා ගෙදර
ගිහින් එදා රෑ නිදාගන්න කලින් ආයෙත් ඉන්ටර්නෙට් එකේ මේ බෙහෙත ගැන හොයනකොට මට
හම්බවෙනවා Oncaspar. <o:p></o:p>
ඒ වෙලාවේම පුතාගේ ඩොක්ට වෙච්ච මේ ලෝකේ මම වැඩියෙන්ම ගරුකරන දොස්තර මහත්තය වන
ඩොක්ටර් වසන්ත රත්නායකට කෝල් එකක් ගන්නවා. වෙන කෙනෙක්නම් රෑ 1130ට කෝල් එකක්
ගත්තාම මල අතට ගත්තට මෙතුමාත් මාත් අතර මෙන්න මෙහෙම සංවාදයක් යනවා.<o:p></o:p>
මට දැන් නෙට් එකෙන් හම්බවුනා Oncaspar කියල බෙහෙතක් ඒක අස්පරජිනෙස් වලට වඩා හොදයි
කියලා තියෙනවා “<o:p></o:p>
අකලංක, අපි UKඉන්දෙද්දී ඔය බෙහෙත පාවිච්චිකලා. ලංකාවේ ඕක තවම පාවිච්චි කරන්නේ නෑ.
ලොකු ගානක් වෙනවා. රෙමිසන් එක සියට හැත්තාව ඉඳලා සියට අනුව දක්වා වැඩිකරනවා ”<o:p></o:p>
පපුව කඩා වැටෙන්න වුනා. මගේ ළඟ නිදාගෙන හිටපු කොල්ලගේ මූනේ ලස්සන මට වැඩිවෙලා
පේන්නගත්තා. මේක මම කොහොමහරි මගේ කොල්ලට දෙනවා කියලා හිතාගත්තා.<o:p></o:p>
ඩොක්ට කවුරුත් මේක ලංකාවට ගේන්නේ නැද්ද ?”<o:p></o:p>
අකලංක මම දනුවත්වනම් නෑ”<o:p></o:p>
නින්ද යන්නේ නෑ. මම ආයෙත් මගේ නොකියා 2730 එකෙන් ඉන්ටර්නෙට් ගියා. හොයාගෙන යනකොට
ඉන්දියාවේ පේවියර් කියලා කොම්පැනියක් ඉන්දියාවට බෙහෙත ගේනවා. මම බැලුවා ගාන කියද
කියලා. ගානක් සයිට් එකේ නෑ. මම ගාන හිස්ව තියාගෙන ආයෙත් ගහනවා රික්වෙස්ට් එකක්
බෙහෙත ගෙන්න ගන්න . උදේ පාන්දරම ගත්තා ඩොක්ට වසන්තට කෝල් එකක්.<o:p></o:p>
මට මේ බෙහෙතට prescription එකක් දෙන්න
පුලුවන්ද ?”<o:p></o:p>
පුළුවන් මට. ඉන්දියාවේ මාත් එක්ක UK ඉඳපු ඩොක්ට කෙනෙක් ඉන්නවා දිනේෂ් භුරානි කියලා
දිල්ලිවල ඔයාට එයා කන්ටැක්ට් කරන්නත්
පුළුවන් “<o:p></o:p>
යූ ඩොක්ට”<o:p></o:p>
නාවික හමුදා මුලස්ථානයට යනවා. යන අතරතුරේ ගත්තා කෝල් එකක් ඉන්දියාවට. ඇහුවා
ගාන. ඉන්දියාවටත් මේක ගෙන්නන්නේ පුද්ගලික
පදනමෙන්. ඉතින් යන ගාන වෙනස්වෙන්න පුළුවන්. ඉන්දියන් රුපියල්වලින් 110000ක් 120000ක් විතර වෙන්න පුළුවන් කියන එක අහගත්තා. බස් එකේදිම
හම්බවෙලා විස්තරේ කියපුගමන් සර් මට යන්න කියනවා නේවි එකේ medical department හෙඩ්
වෙච්ච අද්මිරාල් ජයසේකරව හම්බවෙන්න. මම
සර්ට මුල ඉදලම විස්තරය කියනව. සර් කිපදෙනෙකට කෝල් අරගෙන අහනවා ගෙන්නන කෙනෙක්
හොයාගන්න නෑ. මම ඔෆිස් එකේ එළියේ ඉන්නගමන් නැවත
ඉන්ටනෙට් එකේ බෙහෙත බලනවා. අම්මටසිරි මෙන්න තියනවා ගහලා, මෙම වයල් ප්‍රවාහනයේදී
සැලකිලිමත් වෙන්න. වයල් තදින් සෙලවිලානම්
වයල් එකම වැඩක් නෑ කියලා. මම ඉතින් ඕකත් සර්ට කියලා නැවතත් අද්මිරාල් ධර්මසිරිවර්ධනව
හම්බවෙලා මගේ විස්තරය කිව්වාම සර් නාවික හමුදාධිපතිතුමා වුනු මට නොසෑහෙන උදව් කල
අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා අමතලා උපදෙස් අරගෙන මට කියනවා “එහෙනම් ඔයා ගිහින්
බෙහෙත ගේන්න” කියලා . <o:p></o:p>
අමාත්‍යාන්සේ අවසරයත් එදිනම ලබාගෙන, පාස්පෝට් එක නේවි එකෙන් අරගෙන වෙල්ෆෙයාර් එකෙන්
රුපියල් 380000ක් ගන්න රික්වෙස්ට් එකකුත් දාලා මම ගිහින් විසා ගහගන්නවා. දවස්
එකහමාරකින් මම ඉන්දියාවේ මුමබයිවලට යනවා. මොකද මට මගේ දරුවාගේ බෙහෙත වගේම තව දරුවනට
ඕනවෙන ලියුනේස් තියෙන, බෙහෙත් තුණ්ඩුනැතුව ඒ බෙහෙත මට දෙන තැනක් මුම්බයිවලින්
හම්බවෙනවා.<o:p></o:p>
එයාපෝර්ට් එකෙන් බැස්ස ගමන් මම ඩොක්ට බුරානිට කෝල් එකක් ගන්නවා. අවම පහසුකම් යටතේ
දවස් එකහමාරක් යනගමනකින් සාමාන්‍ය
දුම්රියක දිල්ලි ගිහින් බෙහෙත අරගෙන එන්න තමා
මගේ අදහස. ඩොක්ට බුරානි මට කෝල් එකක් දීලා කියනවා. එයා එන්සුවර් කරලා එයාගේ
කුරියර් කෙනෙක් අතේ බෙහෙත මුම්බායි එවන්නම් ඔයා මුම්බයිවලට වෙලා ඉන්න කියලා. දෙය්යෝ දැක්ක වගේ මේක කලාට දැන් කොහෙද ඉන්නේ? <o:p></o:p>
අඩු හෝටලයක් හොයාගන්නවා. මොකද මට සල්ලි හරි වැදගත්. තව පොඩි එවුන් දෙතුන්දෙනෙකුට
බෙහෙත් ගෙනියන්න පුළුවන්. මට හෝටලේ නම මතක් නෑ ඉගෙනගන්න් කෙන්යන් කොල්ලෙකුයි,
medical රෙෆ් කෙනෙකුයි මාත් එක්ක දොමෙට්රියේ ඉන්නවා. කෙන්යන් එකා කොහොමවෙතත්
medical රෙෆා නරියෙක් කියලා තේරුනා. සල්ලිටික ලොකර් එකේ දැම්මට නින්ද යන්නේ නෑ.
ටොයිලට් යද්දිත් සල්ලි ටික අරගෙන යන්නේ. මේක හරියන්නේ නෑ. හෙව්වා අපේ ඉංජිනියරින්
ඔෆිසස් ල ඉන්න ලොනවලාවල තියෙන පුරුදු
සිවාජියටව්ත් යන්න ඉන්නේ කවුද කියල. බැලුවම මගේ බැචා වෙච්ච තට්ට .. දිසා ඉන්නවා.
ඊට කලින් මම ඉන්දියාවෙන් බෙහෙත් වගයක් ගෙන්න ගත්තා ලුතිනන් කවිසේකරට කියල. කොල්ල
මාර මඩක් කාලා මට බෙහෙත් ටික එව්වා. එයාට කෝල් කලාම කට්ටිය
මුම්බයිවල. මම කෝල් කලාම් ලුතිනන් ලේකම්ගේත් තව කවුද කියලා අමතක අපේ නිලදාරීන් දෙන්නෙක්
මාව මලාඩ් වලින් ගන්නවා. එතකොටත් මම හෝටලේට දවස් 2කත සල්ලි බැදලා. <o:p></o:p>
ඉදන් කොටස ආරක්ෂක හේතුන් මත කපා හරින ලදී.(මේ කොටස රිටයර්මන්ට් වෙච්ච දවසක )<o:p></o:p>
අපේ එවුන් මාව පෝෂණය කරලා. නිදාගන්න තැනක් දීලා දවස් 2කින් මට oncaspar හම්බවෙනවා.
ඊට අමතරව ලංකාවේ නැතිනිසා මගේ සල්ලිවලින් ලංකාවේ ඉන්න කට්ටියගෙන් අහලා ලියුනේස්
වයල් 16කුත් ඉන්දියන් රුපියල් 20000ක් වියදම්කරලා
වෙලින්ග්ටන්වලින් ගන්නවා. ටක්සිවලින් කොහෙවත් යන්නේ නෑ. තනිකරම පයින් සහ
කොච්චිවලින්. මලාඩ් ඉදලා ඉන්න තැනට විතරක් බස් එකෙන් එන්නේ. <o:p></o:p>
එකේ 3750IUතියෙනවා. ඉතින් මම ගණන් හදල බලනවා මගේ පොඩි එකාගේ බොඩි එරියාඑක අනුව
එයාට ඕන 600 IU විතරයි. මම හිතින් ගනන් හදනවා. තව පොඩි එවුන් 5 දෙනෙකුට දෙන්න
පුළුවන්. ලියුනේස් වයල් 16න් 8 දෙනෙකුට දෙන්න පුළුවන්. ඊට අමතරව මම ARA C කියලා
බෙහෙතකිනුත් වයල් 10ක් ගන්නවා.<o:p></o:p>
ටිකත් අරගෙන එයාපෝර්ට් ආවාම ලික්විඩ් තියෙන පෙට්ටි හෑන්ඩ් ලගේජ් කරන්න බැ කියලා එයාපෝර්ට් එකෙන් ප්‍රශ්නයක්
දානවා. මම කියනවා මෙතන තියෙන්නේ සෙන්සිටිව් drug එකක්. එක නිසා මේක මට scannerහරහා
යවන්නත් බෑ.මේඉන් ලගේජ් කරන්නත් බැ. අතේම ගෙනියන්න ඕන කියලා. මට යන්න සිද්ධවෙනවා එයාපෝර්ට්
එකේ සිකුරිටි හෙඩ්ගේ ඔෆිස් එකට. එයා ලුතිනන් කර්නල් වරයෙක්. සර් මගේ කතන්දරේ අහගෙන
ඉදලා මට කියනවා. මට ඔයාට අනුමැතිය දෙන්න බෑ. හැබැයි මට අහක බලන්න පුළුවන් කියලා මට
එයත් එක්ක කතා කරනගමන් පෝලිමේ යන්න කියනවා. මම පෝලිමේ යනවා. කෙලවරේ හිටපු සීදේවි
දෙවන ලුතිනන්වරියක් මගේ පෙට්ටිය අරගෙන ක්ලියර් කියලා සීල් එකක් ගහනවා. ලුතිනන්
කර්නල්වරයා හිනාවෙනවා. මම ලංකාවට එනවා. බස් එකේ ගෙදර ගිහින් අනිත්දවසේ උදේ මහරගම යනකොට
මෙන්න මට බෙහෙත් වයල් ගෙන්න කියපු අයට බෙහෙත් එපාලු. බෙහෙත් වගයක් පිළිකා රෝහලට
හම්බවෙලා. බොහොම අමාරුවෙන් සල්ලි තියෙන කිපදෙනකුට බෙහෙත් ටික දීලා. ඉතිරි
බෙහෙත්ටික සෙලින්කෝ එකෙයි මහරගම ගේට්ටුව ගාවයි ෆාර්මසිය කරන ගයනි ගාව තිබිලා කල්
ඉකුත්වුනා කොහෙද. ශුද්ධ ලාභය රුපියල් -15,000ක්. <o:p></o:p>
ඔය oncasparඑක අරගෙන ඔය දැන් කට්ටියගෙම උදහසට ලක්වෙච්ච ෆාර්මසිස්ට්ලට ගිහින්
දුන්නම අපරාදෙ කියන්න බෑ ඔතන ඉන්නේ හොදම හොද කොල්ලෝ සෙට් එකක්. එයාල මගේ වැඩේනම්
හරියටම කරලා දුන්නා. මම ඔය කවුරු මොනවා කිව්වත් හොදාකාරවම දැක්ක දෙයක් තමා බෙහෙත්
අපතේ යවන නැතුව හොදටම කලාමනාකරණය කරලා හැම මනුස්සයටම එක හා සමානව ඔතන ඉන්න කොල්ලෝ
ටික සැලකුවා.ඔය කොල්ලො ටික අවදානම් රාජකාරියක් කරන්නේ. මම දන්නේ නෑ දැන්වත්
අවදානම් දීමනාවක් ලැබෙනවද කියලා. ඉස්සරනම් නෑ. <o:p></o:p>
oncaspar වයල් එක තමා ඉස්සෙල්ලම මහරගමට පිළිකා රෝහලට ගෙනාවේ. වෙන එකක් තියා ඉතා
හසල දැනුමක් ඇති මෙඩිකල් ඔෆිසර් කෙනෙක් පවා ඔය බෙහෙත හොදද කියා මගෙන් ඇහුවා. ඉතින්
මම හිතනවා මම තමා oncaspar ඔතනට හදුන්වා දුන්නේ කියලා. සර්ච් කල්ල බලන්න අතුරු
ආබාධ නැති.රෙමිෂන් එක වැඩිකරවන, ප්‍රධානම දේ එක බෙහෙත් වටයකට 4 පාරක් විදින් නැතුව
එකපරක් විතරක් පොඩිඑවුන්ට රිදවන්න වීමත් එක ප්ලස් පොයින්ට් එකක්. <o:p></o:p>
වාට්ටුවේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් මට මගේ වයල් එකෙන් දෙන අයව තෝරන්න කියපු එකත් මම
මේ ලෝකේ කරපු අකමැතිම තේරීමක්. අන්තිමේ මම දුප්පත්ම පොඩි එවුන් 5ක් තෝරගත්තත් එහෙම
මට තෝරන්න පුලුවන්ද අහින්සක ළමයි. මන්ද බුද්ධික දරුවා හැර අනිත් සියලුම මගේ වයල් එකෙන්
බෙහෙත් ගත්තු දරුවෝ බේරුනා.<o:p></o:p>
චෝදනාවට ලක්වෙච්ච් මිස්ට විරසින්හත් පිළිකා රෝහලට අවශ්‍ය බෙහෙත් හොයන්න මාර විදියට
උනන්දුවෙච්ච මනුස්සයෙක්. මටනම් හිතෙන්නෙම ඔය කොම්පැනිය ඔය මනුස්සයා corrupt කළා කියලයි. මට මේ ලගදි දවසක කොල්ල
නිසාන් Tida එකකින් ගාල්ලේදී හම්බවුනා. එක ඔය දරුවන්ගේ වයල් රිටර්න් කරලා ගත්තද
දන්නෙත් නෑ.කොච්චර ඩොක්ට දිසානායක මොනවා
කිව්වත් medical රෙෆ්ලත් සෑහෙන උදව් කරනවා පිළිකා රෝහලට. හැබැයි ඔවුන් වෙළද
පරමාර්ථයෙන් නිසා ඔවුන්ට ඊටවඩා ලාභත් ඇති.<o:p></o:p>
බේස් එක හරියට දුන්නේ නැතිනම් ඔය වැඩේ කරපු අයට හෙණ ගහනවා.<o:p></o:p>
This is my 2 cents for the story n hope to write more in my
blog wherever possible.<o:p></o:p>
ප.ලි. ඒ අස්සේ හිට් 5000කුත් පැන්න කියන්නකෝ
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com7tag:blogger.com,1999:blog-4181817507127656265.post-17031559434596084052014-05-08T00:32:00.000-07:002014-05-08T01:50:53.873-07:00ඇරඹුම මෙතෙක් කතාව
එදින නිවාඩු දිනයක් වූ බැවින් නාරාහේන්පිට මහජන බැංකුව අසල වැඩි සෙනඟක් නොවීය. ඉක්මනින් පැමිණ දරුවාත් සමඟ නැවත ආසිරි මෙඩිකල් කරා වෑන් රථයෙන්ම ගියෙමු. බිරිඳගේ මව සුදු පුතා ලඟට රැගෙන අලුත උපන් නංගියා පෙන්නයි. අනිකුත් සියලු දෙනාම කතා කිරීම අමතකවුනු පිරිසක් ලෙසින් ආසිරි රෝහල අසලටම ගියෙමු. රථගාලෙන් වෑනය නවත්වා බිරිඳගේ නැගණියත් දරුවාත් රථයේ තබා දරුවාත් රැගෙන හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පියමැන්නෙමු.
හදිසි ප්‍රතිකාර ඒකකයෙ ඇති නානාප්‍රකාර යන්ත්රසූත්ර දුටු මගේ කොලු පැටියාට එයින් එකක් කඩන තුරු ඉවසුමක් නැත. ECG යතුරු පුවරුව ඔබා ඇසෙන බීප් නාදයට කට කන ගාවට එනතුරු සිනාසෙයි. එම ඒකකයේ හෙදියන්ගේ සුරතලා බවට පත්වීමට කොල්ලා ගත්තේ මිනිත්තු කීපයකි.
ෆෝම් කීපයක් පිරවීමෙන් පසු රෝහල් කාමරයක් වෙත ගියෙමු. මීට සති කීපයකට එපිටදී බිරිඳගේ නැගණියගේ දරුවා සමග සිටි බැවින් එමරෝහල් කාමරයත් සුදු පුතුට පුරුදු තැනක් වී තිබුනි. අප කාමරයට එනවිටම ඉෂානි රොඩ්රිගෝ වෛද්‍යතුමියගේ උපදෙස් පරිදි පරීක්ෂණවලට රුධිර සාම්පල් ලබා ගැනීමට තාක්ෂණවේදීන් දෙදෙනෙක් පැමිණ සිටියහ.
" ඌයි...." හඩ කිසිදු රිදුමක් නොදී හැදූ මගේ පොඩි එකාගෙන් පිටවුනේ කන්පෙත්ත පිටුපසින් විද කෝම්බ් ටෙස්ට් එක සිදුකරන විටයි.
"අඩන්න එපා අම්මා ඉක්මනටම ගෙදර යනවානෙ" බිරිද හොදටම රිදී අඩන කොලු පැටියා නලවාගැනීමට අසාර්ථක උත්සාහයක් ගත්තාය.
ඔලුව හොදටම කකියයි. සිගරට්ටුවක් බීමට සුදුසුම වෙලාවක් බව හැගෙන්නට පටන් ගෙන ඇත.
"සුදූ ඔයා ඔහොම ඉන්න. මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එන්නම්"
"සිගරට් බොන්නද? අකලංක මාවයි මේ ලමයයි දාලා මෙතන යන්න ඔයාට පිස්සුද? පොඩ්ඩක් ඉන්න" බරපතලකම ගැන තවම නොදන්නා ම'බිරිය කුණු කුණු ගාන්නට පටන්ගත්තේ මගේ හිසරදය උග්‍ර කරමිනි.
නෑසුකන්ව පහලට ගිය මම මගදී සේවා ස්ථානයටද ඇමතුමක් රැගෙන විස්තරය කෙටියෙන් පවසා ආසිරි රෝහල අසලින් දිවෙන අතුරුපාරට පිවිස සිගරට්ටුවකින් ආතතියට හුලං ගැසුවෙමි.
නැවත රෝහල් කාමරයට එනවිට හැඩීමෙන්ම හෙම්බත්ව කොලු පැටියා නිදන්නට සූදානම්ව සිටියේය. බිරිදත් දරුවාත් අසලින් මාත් ඇලවුනේ හවස ඩොක්ටර් ඉශානි ආවිට ඉක්මන් තීරණයකට පැමිණ මෙම ආරෝග්‍යශාලාවෙන් පිටව යනවා යන සිතුවිල්ලෙන්මය.
"අකලංක, නැගිටින්න. ගෙදර නොවෙයි.ඩොක්ට කෙනෙක් ඇවිල්ලා"
බිරිදගෙ හඩින් අවදිවූ මා දුටුවේ තරමක් තරබාරු ප්‍රසන්න පෙනුමකින් යුත් දොස්තර කෙනෙකි.
" ගුඩ් ඊවිනිං. කොහොමද බබාට? කාලද? කිරි බීලද? ඉන්නෙ"
"බත් ටිකක් කෑව්ව ඩොක්ට. මෙයා වැඩිය කන්නෙ නෑ. මගෙන් කිරි ටිකකුත් බීල තමා නිදාගත්තෙ"
"ආ වෙරි ගුඩ්. ලොකු ප්‍රශ්නයක් නෑනෙ. ලෙඩදුක් කියන ඒවා කියල නොවෙයිනෙ එන්නෙ. ඉන්න මම පොඩ්ඩක් බබා බලන්න. නැගිට්ටවන්න එපා"
"පුතාට ලොකු ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?" බිරිද බයාදු ස්වරයෙන් ඇසුවාය.
"මටනම් එහෙම පේන්න නෑ. අපි බලමුකො මැඩම් ආවාම? කලබල නොවී ඉන්නකො. මම ඉන්නව එහා පැත්තෙ මොනවහරි තියනම් කතාකරන්නකො" වෛද්‍යවරයා කාමරයෙන් පිටවෙමින් කිව්වේය.
"කලබල නොවී කොහොමද? බිල ගෙවන්නෙ පොලීසියෙන්ද?" බිරිද දවසේ ප්‍රථම සිනහව සලමින් රහසෙන් මෙන් මට කිව්වාය.
"ඔව් ඔව් මැඩම් ආපු ගමන් කියලා අපි යමු" මමත් ආයාසයෙන් සිනහවක් නගාගෙන පැවසුවෙමි. මේ අවස්ථාව වනවිටත් මගේ බිරිදට තත්වයේ බැරෑරුම්කම හෝ වෛද්‍යතුමිය පැවසූ කිසිදෙයක් පිලිබදව හාංකවිසියක්වත් දැනී නොතිබුනි. කියම්දෝ නොකියම්දෝ දෙලොවක් අතර මම තනිවී සිටියෙමි.
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com8tag:blogger.com,1999:blog-4181817507127656265.post-52120113786575732262013-07-18T23:51:00.002-07:002013-07-23T02:54:07.326-07:00තාලියා මගේ දුවේ......
අමතක මතක අලුත් කරගෙන උඹ පහුගිය දොහක යන්නම ගිහිල්ලා......
උඹේ අම්ම තාත්තට විඳින්න වෙච්ච දුක් වේදනාව උඹ මට අලුතෙන් කියන්න ඕන නෑ මගෙ රත්තරනේ මම දන්නවා, දැකලා, අහලා, තියෙනවා ඔය දුක......
උඹේ යූ ටියුබ් චැනල් එක දකින දවසෙ මම දැනගෙන හිටියෙ නෑ මගෙ පුතේ උඹට නියුරො බ්ලාස්ටෝමාත් තියෙනවා කියලා. මගේ අහිංසක කොල්ලා වගේම දෛවයට හිනාවෙන කෙල්ලෙක් කියලයි මම හිතුවේ.
මට උඹ දැක්ක වෙලේ අප්ර්මාණ සතුටක් අරගෙන ආවා......
හැබැයි රත්තරං, උඹේ අම්ම තාත්තට වඩා දුප්පත්වුණාට මගේ රටේ උඹ වගේ ඉරණම ලියාගෙන එන දරුවන්ගෙ අම්ම තාත්තලා පරදිනකම් තරඟෙ අතහරින්නෙ නෑ... උන් දෛවය පරද්දන්න හැම ගුණ්ඩුවම ගහනවා....
උඹ තවදුරටත් ඕනෙනෑ කියලා අතඇරපු ඇටමිදුලු බද්ධය කරන්න ඕන කියනකොට පර්ස් එකේ රු 200.00 ක් විතරක් තිබ්බ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ පොඩි රස්සාවක් කරපු තාත්තෙක් දරුවාට තියෙන්නෙ මේ ලොකෙ තියන දරුනුම ලියුකේමියාව කියලා දැන දැන රු ලක්ෂ 80ක් හොයාගෙන ඉන්දියාවෙ ගිහින් දරුවා පරදිනකම් ගේම ගහනවා මම දැක්කා මයෙ පුතේ...
ආමි එකේ රියදුරු රස්සාවක් තිබ්බ තාත්තෙක් තුන් පාරක් නියුරොබ්ලාස්ටෝමා කියලා දැන දැන අන්තිමට දෙවියෙක් වගේ ලෙඩ සුවකරන ඩොක්ට වසන්තත් තව ප්‍රතිකාර පලක් නෑ කිව්වත් කෙල්ලව වඩාගෙන ඇඹිලිපිටිය පැත්තෙ, නිකවැරටියෙ,ලේවැල්ලෙ වෙද්දු පස්සෙ ගියා. මම ආඩම්බරෙන් කියනවා එහෙම තාත්තෙක් මගෙත් එක්ක මහරගම බංකු රත්කර කර ඉඳල තියෙනවා පුතේ.... අන්තිමටම මට හම්බවුනු දවසෙ උදේ 6ට වඩාගත්තු අවුරුදු 10ක විතර කෙල්ලව හවස 4ට ලේ එක දෙනකම් බිමින් තිබ්බෙ නෑ ඒ තාත්තා. ලේ එක පරක්කුවෙනකොට මම බ්ල්ඩ් බෑන්ක් එකට ගිහින් ඒක ඉක්මන් කෙරෙව්වාම ඒ තාත්තා ඉකිගගහා මට "සර් බුදුවෙන්න ඕන " කිව්වා මගෙ පුතේ.....
උන් දරුවා පරදිනකං කරන්න තියෙන හැමදේම කලා, වඳින්න තියෙන හැම දේවාලෙම වැන්දා, උන් ගැන උඹ ගැන වගේ හැම වෙබ් සයිට් එකේම කතාවුණේ නැතත් උන් දෙන්නත් මේ ලෝකෙ ඉන්ස්පයරිං කැරැක්ටර් තමා දුවේ.......
ලංකාවෙනම් උඹ එපා කිව්වත් උඹට අවශ්‍ය කරන ඔක්කොම වෙදකම් අම්ම තාත්තා කරනවා මගෙ පුතේ..
අන්තිම පිදුරුගහෙත් එල්ලෙන අම්මලා තාත්තලා ඉන්න රටක් ඉපදීම ගැන අද මේ බ්ලොග් එක බලන නැන්දල මාමලා සතුටුවෙයි මගේ පුතේ......
අන්තිම වතාවටත් මම අදහන ආගමානුකූලව මට කියන්න තියෙන්නෙ මගෙ රත්තරනේ...
සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොඳුරුනොවී සියලු බුදුවරුන් නිවී සැනසිලිදායකයි වදාල අජරාමර නිවන ලඟා කරගැනීමට මේ මරණයට මුහුනදුන්නටත් වඩා ශක්තිය, ධෛර්ය්ය ලැබේවා...
(ලොවක් හඬවා අවසන් ගමන් ගිය Talia Castellano දියණියගේ අප්‍රතිහත ධෛර්යයට උපහාර පිණිසයි )
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com4tag:blogger.com,1999:blog-4181817507127656265.post-27431196140086465002012-11-09T11:08:00.000-08:002014-05-08T01:52:11.090-07:00නොඉවසිලිමත් දවසක් මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)
සෙනසුරාදා(02)
නයින්වෙල්ස්
ඉෂානි රොඩ්රිගෝ වෛද්‍යතුමිය උපදෙස් දුන් පරිදි නැවතත් රෝහල තුලට පිවිසි අපට නවමාලිකා වෛද්‍යතුමිය හමුවේ අපගේ පරීක්ෂන වාර්තා දිගහැරීමෙන් පසු නැවතත් මාහට ඉෂානි රොඩ්රිගෝ මැතිනියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණී.
"මැඩම් මට ඇත්තම කියන්න පුතාට හොදටම ඩෙංගු නේද?"
"හ්හ්ම්ම්ම් we can't come to conclusions like that"
"එහෙනම් මෑ'ම් මොකද වෙලා තියෙන්නෙ?"
" සමහර වෛරල් ෆ්ලූවලටත් ඔහොමවෙනවා. වර්ස්ට් කේස් එක වෙන්න පුලුවන් ලියුකේමියා. we can't conclude like that.but let see "
නයින්වෙල්ස් රෝහල අසල විශාල වැඩබිමකි. දොඹකර යන්ත්‍රයකින් විශාල යකඩ බටයක් ඔසවාගෙන යයි.ආරක්ෂක නිලධාරියෙක් වාහන හසුරුවමින් සිටියි.සුදු පුතා නැවතත් සීසෝ පැදීමට යාමට බිරිදට වධ දෙයි. නමුත් මේ සියල්ල මොහොතකට නතරවී මගේ ජංගම දුරකතනය රැදි අත වෙව්ලන්නට විණි.
" මම එන්නෙනම් ආසිරි එකටයි නයින්වෙල්ස් එකටයි විතරයි වෝඩ් රවුන්ඩ්ස්. ඔයාලට පුලුවන්ද දෙකෙන් එකක ඇඩ්මිට්වෙන්න"
නුහුරු දැවිල්ලකින් වැසීයන ඇස් කෙවෙණි තද කරගෙන....
" ඕකේ මෑ'ම්" කිව්වෙමි.
බිරිදගේ නැගනියත් අඩු මසකින් ලැබුනු දරුවාත් රැගෙන ඉස්පිරිතාල වන්දනාවේ යන සමයකි. ඔවුන්ගේ වෑන් රථය ඒ මොහොතේ නයින්වෙල්ස් රෝහලට පැමිනියේ ඒ දියනියගේකුමක් හෝ වාර්ථාවක් ගැනීමටය. එය කුමක්දැයි දැන් මතකයට නොපැමිනේ. වෑන් රථය පදවාගෙන ආ චාමර අයියාත් හොඳහැටි දුම් පානය කරන්නෙකි. එදිනවල මාත් එසේමය. දෑසෙ කඳුලු පිසදමමමින් ඔහුත් සමඟ එලියට ගිය මම උගුරට දෙකට දුම්වැටිය උරා දැම්මේ සිතේ ඇති ආතතිය මඟහරවාගැනීමේ අදහසිනි.
'ඇඩ්මිට් කරන්නම් කිව්වට කෝ සල්ලි. ලීසින් එකකුත් දාලා ඒ මදිවට අතේතියන හැම තඹ දොයිතුවම යටකරලා කාර් ගත්ත. දැන් ලෙඩකට දුකකටවත් අතෙ සහපහක් නෑ. දවස් කීයක් ඉන්න වෙයිද කවුද දන්නෙ' මගේ හිත යකාගෙ කම්මලක් මෙනි.
" සුදූ සල්ලි කොහෙන්ද සුදූ ආසිරි ඇඩ්මිට්වෙන්න."
" කරන්න දෙයක් නෑ බබා.මම කොහොමහරි මොනවාහරි කරන්නම් "
"ඔව් යමු. රත්ත්‍රන් බඩුවක් හරි තියන්න බැරිය. අනික LRH ගිහිල්ලා ඉන්නත් බෑනෙ"
"ඔව් ඔයා ඔහොම ඉන්න මම සල්ලි ටිකක් අරගෙන එන්නම්"
බිරිඳත් දරුවාත් එතන රදවා මා පෙට් මැෂිමක් හොයායන්නට වීමි. අතරමගදී මට නැවතත් වෛද්‍යතුමිය අන්තිමට කියූ දෙය මතක් විය.
""වර්ස්ට් කේස් එක වෙන්න පුලුවන් ලියුකේමියා""
"මගේ කොල්ලට ලියුකේමියවනම් මම මැරෙනවා චාමර අයියෙ" බිරිඳ බියටපත්වන නිසා හිරව තිබූ සියලු සිතුවිලි මහා හඬින් ඉකිබිදුමක්ව පිටවෙන්නට විය.
" ඉහි ඉහි .........මට ජීවත්වෙලා වැඩක් නෑ චාමර අයියෙ එහෙම එකක්නම්. මම මගේ ජීවිතේට මිනිහෙක්ට වරදක් කරල නෑ චාමර අයියෙ එහෙම දෙයක් වුනොත් මම මැරෙනවා චාමර අයියෙ........."
ඊලඟ කොටස
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com11tag:blogger.com,1999:blog-4181817507127656265.post-12778962890413258202012-10-29T03:35:00.000-07:002012-11-09T20:59:57.679-08:00නයින්වෙල්ස්(ගොඩක් දවස් හිතන් හිටිය මේ බ්ලෝග් එක අප්ඩේට් කරනවා කියලා. ඒත් තියන
ප්‍රශ්නත් එක්ක මග ඇරුනා. දැන් ටිකක් නිදහසක් තියෙන නිසා හිතුවා පටන් ගත්තු
වැඩේ ඉවර කරනවා කියලා)
මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)
සෙනසුරාදා(02)
තවත් බලන්න දෙයක් නැතිබව හැඟෙන්නට විය. දරුවාත් කරපින්නාගෙන තුන්සකරියක නැඟී කිරිමණ්ඩල මාවතේ ඇති නයින්වෙල්ස් ආරෝග්‍යශාලාව වෙත අපි දෙදෙනා ගැහෙන හදවතින් යුතුව පියමැන්නෙමු.
රුධිර පට්ටිකා අගය නොසෑහෙන්න පහත බැස ඇත. මාසයකට දෙකකට පමණ ඉහතදී කොලඹ වරාය හරහා ගිය ඩෙංගු වසංගතයට මාද හසුවූ බැවින් මෙය අධික ඩෙංගු අවස්තාවක් වග හැගෙන්නට විය.
තුන්සකරිය රෝහල් දොරටුව අසලටම පැමින ඇත.වේලාව දහවල් 1ට පමණ ඇත.
පිලිගැනීමේ කවුන්ටරය අසලට දරුවාත් ඔසවාගෙනම ගොස්
" ඩොක්ටර් ඉෂානිගෙ අපොයින්ට්මෙන්ට්ස් ගන්න පුලුවන්ද?"
"මැඩම් දැන් ගියානෙ සර්"
"මැඩම් අද වෙන කොහාට හරි එනවද?"
"හ්ම්ම් ඒකනම් දන්නෙ නෑ සර්"
"එහෙමනම් මැඩම්ට කෝල් එකක් දෙන්න පුලුවන්ද? මැඩම්ගෙ බබෙක්ට පොඩ්ඩක් අමාරුයි කියලා"
"පොඩ්ඩක් ඉන්න සර්"
කල්පයක්වන් මිනිත්තු 2කට පමණ පසුව පිලිගැනීමේ නිලධාරිනිය තුණ්ඩු කෑල්ලක් දික්කලේ
"සර් මෙතන මැඩම්ගෙ සෙකට්‍රිගෙ නම්බර් එක තියනවා. එයාට කතා කරලා බලන්න මොකක්හරි කරයි."
දරුවාත් කරපින්නාගෙනම එලියටවිත් එම දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තෙමි.
"හෙලෝ"
"can I speak to Dr Ishani?"
"May I know to whom I'm speaking to?"
"I'm a father of her patient and his blood counts are low. Can I speak to her?"
"Hold on"
තත්පර කීපයකට පසු.
"Hello"
"Hello madam My child is a patient of yours and his patelet counts are low and he looks pale and Asiri laboratory ppl said me to meet his doctor. where should I come?"
මම හිතේ තියන බර සැහැල්ලු කරගන්නට උත්සාහ කලෙමි.
"wait.. wait.. relax and let me know wht his platelet count is ?"
"yesterday it was 29,000 and today its 27,000. I also got dengue two months back and it is very serious isn't it doctor?"
මාගෙ ඉවසිල්ල ඉක්මවා යමින් පවතී.
"hold on hold on we can't come to conclusions like that. ok tell me his WBC value?
"It's also 29,000"
"Ohhh... and lympocytes?"
"It's 80 percent"
"Okkk...I tell you one thing you go and meet Dr nawamaalika in ninewells and she will tell you wht to do ok"
"ok maa'm"
"Ok bye"
නැවතත් දරුවා රැගෙන ඇතුලට යාමට මම දරුවාත් සමග මාගෙ බිරින්දෑ කොතනක් සිටීදැයි බැලුවෙමි.
මේ කිසිවක හාංකවිසියක්වත් නොදන්නා මගෙ අසරණයා ඔහුට පුරුදු සිඟිති උයනේ සී සෝ පදින්න ට හදයි.
"සුදූ යමු ඇතුලට. වෙන ඩොක්ට කෙනෙක්ව හම්බවෙන්න කිව්වා"
ඊලග කොටස ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com2tag:blogger.com,1999:blog-4181817507127656265.post-43757273352358864042012-03-04T14:09:00.001-08:002012-11-09T21:00:24.826-08:00සෙනසුරාදා (02)මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)
මගේ අසරණ බිරින්දෑ මගේ බිය මුසු මුහුන කියවන්නට විය.
"කවුද?"
"ආසිරි එකෙන්"
"ඇයි රේඩියොලොජිස්ට් එන්නෙ නැද්ද?"
"ඒක නොවෙයි බ්ලඩ් එකේ අවුලක් අපි ලැබ් එක පැත්තෙ යමු?"
"මෙතන ඩොක්ට ආවොත්?"
"කෝල් කරයි නේ"
මම නැවත පුතු කර පින්නාගෙන රසායනාගාරය දෙසට පියමැන්නෙමි.තට්ටු දෙකක් පඩි නැගීමෙන් පසු අපි රසායනාගාර දොරටුව අසලට පැමිනියෙමු.නිල් පැහති කබායක් පැළදි යුවතියක් අප අසලට පැමිනියාය.
"ඇයි සර්?"
"මම ආවෙ ඔයාලා කෝල් කරපු නිසා. බබෙක්ගෙ බ්ලඩ් සාම්පල් එකක ප්‍රශ්නයක් කිව්වනේ"
"අයියේ මේ අර බබා අරගෙන ඇවිල්ලා."
"සර් සර්ගෙ බබාගෙ බ්ලඩ් සාම්පල් එක ටිකක් විතර අමුතු රිසල්ට් එකක් තමා දෙන්නෙ. අපි ආපහු සාම්පල් එකක් ගනිමුද? මොකක්හරි එහෙම ප්‍රශ්නයක් වුනාම අපි එහෙම ගන්නවා"
ෆුල් බ්ලඩ් ක්වුන්ට් රිපීට් කිරීමට එලෙස මුල පිරීම තැබුවෙමු.සාම්පල් නැවත ලබාදීමෙන් අනතුරුව අප නැවතත් විකිරනවේදිනිය මුනගැසෙන පෝලිම දෙසට ගොස් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරගැනීමට බලා සිටියෙමු.අපගේ වාරය පැමිණි පසු විකිරනවේදිනිය සිටින කාමරයට ගොඩ වැදුනෙමු.
"Why you are here?"
" Maa'm his palatelet count is bit low and my consultant recommended to take a USS"
"OK, wහ්at is his PLT count?"
"It's 29,000"
"OMG it's not bit but massive low. bring him to bed"
"ඩොක්ට මෙයාගෙ ලිවර් එක පොඩි කාලෙ ටිකක් ලොකුයි කිව්ව."
" නෝ ඉට්ස් නෝම්ල්
"ම්ම්ම්ම් i cant see nothing wrong here. but stay alert"
"ඕකේ මෑම් අයි විල්."
නැවතත් පුතු කර පින්නාගෙන කැරවන් ෆ්‍රෙෂ් එකට ගොස් සුලු කෑමකින් සප්පයම් වී නැවත ආසිරි රෝහලේ වාර්තා ලබාදෙන කවුන්ටරය වෙත ගියෙමු.
මා තුණ්ඩුව ලබාදෙනවිටම කවුන්ටරයේ සිටි වයසක කාන්තාව මාහට වාර්තාවේ මුදුනත ගසා තිබූ රතු පැහැති ස්ටිකරය පෙන්වනලදි.
Please meet your doctor immediately
කරුණාකර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
ඊළඟ කොටස
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com2tag:blogger.com,1999:blog-4181817507127656265.post-80007798883744809492012-02-19T09:26:00.002-08:002012-11-09T21:00:48.042-08:00සෙනසුරාදා...(01)මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
" තාත්ත් තාත්ත්...."
මාගේ පිටට නැගගත් මගේ පොඩි එකා අශ්වයා ගෝං ටික් ටික් කරන්නටයයි බල කරන්නට පටං ගන්නාවිට උදෑසන 0700ත් පහුවී තිබුනි.නමුට් එදින ඉස්පිරිතාල වන්දනාවේ යෑමට තිබුනු බැවින් මම මද දුරක් සුදු පුතා පිටේ ගෙනගොස් තැබුවෙමි.
"පිටි කුක්කු එපා... අම්ම කුක්කු ඕනෙ" ගැටගසාගෙනීමට හැකි එකම වචන ටික කියා මා ප්‍රිය බිරින්දෑගෙන් බැනුම් අසනමුත් කීයට හෝ මව්කිරි ලැබෙනබව දන්නා නිස බිරිඳගේ පස්සෙන් වැටෙමින් සිට යන්තම් පැය බාගයක් පමණ එල්ලී සිටි සුදුපුතාත් මගදිගට ලැබෙන toys සහ අකුරුතුනේ චිකන් මතක් කර ගමනට ලෑස්ති කර ගත්තෙමු.
කවදත් පුරුදු ලෙසට උදේ 800ට පිටත්විය යුතුවූ ගමන යන්තමින් 1030ට පිටත්වුනෙමු.
අලුත් පාලම ලඟින් බසයෙන් බෙසගත් අපි තුන්සකරියක නැගී නාරාහේන්පිට පිහිටි ආසිරි මෙඩිකල් රෝහලට පිවිසුනෙමු.
FBC , BLOOD PICTURE සහ USS
මුලින්ම මානෙල් පනාපිටිය මහත්මිය නිර්දේශ කර තිබුනෙ ඉහත පරීක්ෂණ යුගලයයි. මාගේ දහඩිය මහන්සියෙන් සහ බිරිඳගේ රතු ලේ කිරට හරවා ලබාදුන් රුධිරය පරීක්ෂණ නලයකට මගේ පුතුගේ බලවත් විරෝධය හමුවේ එකතු වනවිට පුතුගේ විලාපය හමුවේ අපි කඳුළු පිරි දෙනෙතින් බලා සිටියෙමු. හෙදියක් ලබා දුන් රතුපාට ලොලිපොප් එකකට රැවටෙනතෙක්ම සුදුපුතා තමාගෙන් ලේ ගත් දුක නොනවත්වා මට කියන්නට විය.දෙවනියට සදහන් පරීක්ෂණය සදහා දොස්තර නොමති බවින් අපි සුදුපුතාත් සමග යුනියන් ප්ලේස් කේඑෆ්සී බලා නැවතත් පිටත්වූයේ උදෑසන වූ පොරොන්දුව ඉෂ්ට කිරීමටය.පොරොන්දුව දරුවාටත් වඩා අපි දෙන්නා ඉෂ්ට කර ගැනීමෙන් පසු නැවතත් ආසිරි මෙඩිකල් රෝහල බලා පිටත්ව ගියෙමු.
ආසිරි මෙඩිකල් රෝහලට වී අප තිදෙනා විකිරණවේදිනිය එන තෙක් බලා සිටින විට නැවතත් මාගේ ජංගම දුරකතනය බමනය වන්නට වූයේ කිසිදා නොදන්නා කොළඹ නොම්මරයකනි.
"සර් කොහෙද ඉන්නෙ පුලුවන් තරම් ඉක්මනට බබාත් එක්ක ඇවිල්ලා බ්ලඩ් එකක් දෙන්න. සාම්පල් එකේ පොඩි අවුලක් වගේ" ඇමතුම ආසිරි මෙඩිකල් රෝහලෙනි.
ඊළඟ කොටස
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com2tag:blogger.com,1999:blog-4181817507127656265.post-60378985708626049542012-02-17T10:25:00.001-08:002020-05-30T03:37:34.635-07:00කොතනින් පටන් ගන්නද?
දිනය: 2011 සැප්තැම්බර් 30
වේලාව: උදෑසන 1000ට පමණ
"left leg age age right leg peeche peeche"
මගේ ජංගම දුරකතනය බමනය වන විට එම ඇමතුම මගේ ජීවිතය මෙලෙස කණපිට පෙරලයි කියා තුන්හිතකින්වත් සිතුවේ නැත.
"පුතේ සුදු පුතා සුදුමැලි වැඩියි කියලා මිඩ්වයිෆ් කියනවා. ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙනවා"
නැන්දම්මා කියූ පසු මම නැවත ගත්තේ මා ප්‍රිය බිරින්දැටයි. උන්දෑ උදේ සිට රෑ වෙනතුරු කියන " ඔයට වැඩ විතරයි ලමයෙක් ඉන්නව කියලා ගාණක් නෑ" ඇසීමෙන් පසු මා ඇයට පුතුගේ full blood count එකක් ගෙන මා එනතුරු සිටින ලෙසත් සවස මට වේලපහින් එන්න ලැබුනොත් ඩොක්ට කෙනෙක්ට පෙන්වමු කිය කිව්වෙ ඉදිරියෙන් ගොඩ ගැසී ඇති ෆයිල් ගොඩ් දෙස බලා සුසුමකුත් හෙලමින්ය. එලියේ මා හමුවීමට ඇති පෝලිමත් සමග අදනම් යන්න වෙන්නෑ යන පූර්ව නිගමනයටද මා පැමිනියෙමි.
දවස කෙමෙන් ගෙවී ගිය අතර වැඩ අතර මට පුතුගේ වැඩේට අදනම් යන්න වෙන්නෑ යන්න පසක් වෙමින් තිබුනි.
"left leg age age right leg peeche peeche"
මෙවර මා ප්‍රිය බිරින්දෑය. බැනුම් කෝටියයි සිතා විසන්දි කිරීමට සිතුනත් නැවත මොකද දන්නෑ සිතුවිල්ල එන්නට වූයෙන්දුරකතනය ඉස්සුවෙමි.
" අකලංක ඔයා ...... එකේ වැඩ කර කර ඉන්න ලමයයි මමයි මැරිලා ගියාට පස්සෙ එන්න"
" ඇයි සුදු අම්මා මොකද?"(පාන් පෙත්තේ බටර් පොඩ්ඩක් ගාලාම කතා කලෙමි)"
"මොකද...? පුතාගෙ ප්ලේට්ලට් 29000යි ඉක්මනට එනවා"මාගේ පපුව නතරවීමට ආසන්න වූ අතර දනි පනි ගා දිවගොස් වැඩ ටික අහව්ර කොට 15 අනුරාධ්පුර බසයක එල්ලී ගොස් නිට්ටඹුවෙන් බැස ගන්නවිට රාත්‍රී 930ත් පසුවී තිබුණි.
ගෙදරට පැමිණ තුන්සකරියට මුදල් ගෙවනවත් සමගම සියලු විඩාවන් සමනය කරමින් දිව ආවේ මගේ නෙතයි.
"දුවන්න එපා මිදුලට" මා ප්‍රිය බිරින්දෑය. ඒත් මගෙ පුංචි දඟයාට වගෙ වගක් නැත. මම අහිංසකයා වඩාගෙනම ගෙට ගොඩවුනෙමි. මේ දවස්වනවිට සුදු පුතාට කතා කිරීමට නොහැක. සියලු දේ කතා කරන්නෙ ප්‍රංශ භාෂාවෙනි.
"මම ගියා සිරිසදට , blood report එක ඩොක්ට පනාපිටියට පෙන්නුවා. ඩොක්ට කිව්වා වතුපිටිවල ඇඩ්මිට් වෙන්න කියලා, ඒත් මට සිරිසදේ රිපෝර්ට් ෂුවර් නෑ, අපි හෙට ආසිරි එකෙන් ඔක්කොම බලාගෙන ඩොක්ට ඉෂානිටත් පෙන්නගෙන එමු."මා ප්‍රිය බිරින්දෑය සියල්ල තීරනය කර අවසන්ය. අපි වතුපිටිවල යමු. බයයි නේද සියල්ල එම තීරණවලින් අහෝසි වී ගිය අතර අහෝ ඒ හෙට උදා නොවුනානම්..!
ඊළඟ කොටසඩිලාන් අකලංක සුසිරිපාල - DAShttp://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com1