Sunday, March 4, 2012

සෙනසුරාදා (02)

මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)

මගේ අසරණ බිරින්දෑ මගේ බිය මුසු මුහුන කියවන්නට විය.
"කවුද?"
"ආසිරි එකෙන්"
"ඇයි රේඩියොලොජිස්ට් එන්නෙ නැද්ද?"
"ඒක නොවෙයි බ්ලඩ් එකේ අවුලක් අපි ලැබ් එක පැත්තෙ යමු?"
"මෙතන ඩොක්ට ආවොත්?"
"කෝල් කරයි නේ"
මම නැවත පුතු කර පින්නාගෙන රසායනාගාරය දෙසට පියමැන්නෙමි.තට්ටු දෙකක් පඩි නැගීමෙන් පසු අපි රසායනාගාර දොරටුව අසලට පැමිනියෙමු.නිල් පැහති කබායක් පැළදි යුවතියක් අප අසලට පැමිනියාය.
"ඇයි සර්?"
"මම ආවෙ ඔයාලා කෝල් කරපු නිසා. බබෙක්ගෙ බ්ලඩ් සාම්පල් එකක ප්‍රශ්නයක් කිව්වනේ"
"අයියේ මේ අර බබා අරගෙන ඇවිල්ලා."
"සර් සර්ගෙ බබාගෙ බ්ලඩ් සාම්පල් එක ටිකක් විතර අමුතු රිසල්ට් එකක් තමා දෙන්නෙ. අපි  ආපහු සාම්පල් එකක් ගනිමුද? මොකක්හරි එහෙම ප්‍රශ්නයක් වුනාම අපි එහෙම ගන්නවා"

ෆුල් බ්ලඩ් ක්වුන්ට් රිපීට් කිරීමට එලෙස මුල පිරීම තැබුවෙමු.සාම්පල් නැවත ලබාදීමෙන් අනතුරුව අප නැවතත් විකිරනවේදිනිය මුනගැසෙන පෝලිම දෙසට ගොස් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරගැනීමට  බලා සිටියෙමු.අපගේ වාරය පැමිණි පසු විකිරනවේදිනිය සිටින කාමරයට ගොඩ වැදුනෙමු.
"Why you are here?"
" Maa'm his palatelet count is bit low and my consultant recommended to take a USS"
"OK, wහ්at is his PLT count?"
"It's 29,000"
"OMG it's not bit but massive low. bring him to bed"
"ඩොක්ට මෙයාගෙ ලිවර් එක පොඩි කාලෙ ටිකක් ලොකුයි කිව්ව."
" නෝ ඉට්ස් නෝම්ල්
"ම්ම්ම්ම්  i cant see nothing wrong here. but stay alert"
"ඕකේ මෑම් අයි විල්."
නැවතත් පුතු කර පින්නාගෙන කැරවන් ෆ්‍රෙෂ් එකට ගොස් සුලු කෑමකින් සප්පයම් වී නැවත ආසිරි රෝහලේ වාර්තා ලබාදෙන කවුන්ටරය වෙත ගියෙමු.
මා තුණ්ඩුව ලබාදෙනවිටම කවුන්ටරයේ සිටි වයසක කාන්තාව මාහට වාර්තාවේ මුදුනත ගසා තිබූ රතු පැහැති ස්ටිකරය පෙන්වනලදි.
Please meet your doctor immediately
කරුණාකර ඔබේ වෛද්යවරයා හමුවන්න.




ඊළඟ කොටස 





2 comments:

  1. කතාවේ ඉතුරු ටික මෙච්චර ප්‍රමාද ඇයි ???

    ReplyDelete
  2. කතාව තාම පටන්ගත්තෙත් නෑ. මගේ කතාව මාර දිග කතාවක්. කතාව ඇතුලෙත් කතා තියනවා. ඒත් මේ දවස්වල වෙලාව නැති ප්‍රශ්නෙ තමා තියෙන්නෙ.

    ReplyDelete