(ගොඩක් දවස් හිතන් හිටිය මේ බ්ලෝග් එක අප්ඩේට් කරනවා කියලා. ඒත් තියන
ප්‍රශ්නත් එක්ක මග ඇරුනා. දැන් ටිකක් නිදහසක් තියෙන නිසා හිතුවා පටන් ගත්තු
වැඩේ ඉවර කරනවා කියලා)
මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)
සෙනසුරාදා(02)
තවත් බලන්න දෙයක් නැතිබව හැඟෙන්නට විය. දරුවාත් කරපින්නාගෙන තුන්සකරියක නැඟී කිරිමණ්ඩල මාවතේ ඇති නයින්වෙල්ස් ආරෝග්යශාලාව වෙත අපි දෙදෙනා ගැහෙන හදවතින් යුතුව පියමැන්නෙමු.
රුධිර පට්ටිකා අගය නොසෑහෙන්න පහත බැස ඇත. මාසයකට දෙකකට පමණ ඉහතදී කොලඹ වරාය හරහා ගිය ඩෙංගු වසංගතයට මාද හසුවූ බැවින් මෙය අධික ඩෙංගු අවස්තාවක් වග හැගෙන්නට විය.
තුන්සකරිය රෝහල් දොරටුව අසලටම පැමින ඇත.වේලාව දහවල් 1ට පමණ ඇත.
පිලිගැනීමේ කවුන්ටරය අසලට දරුවාත් ඔසවාගෙනම ගොස්
" ඩොක්ටර් ඉෂානිගෙ අපොයින්ට්මෙන්ට්ස් ගන්න පුලුවන්ද?"
"මැඩම් දැන් ගියානෙ සර්"
"මැඩම් අද වෙන කොහාට හරි එනවද?"
"හ්ම්ම් ඒකනම් දන්නෙ නෑ සර්"
"එහෙමනම් මැඩම්ට කෝල් එකක් දෙන්න පුලුවන්ද? මැඩම්ගෙ බබෙක්ට පොඩ්ඩක් අමාරුයි කියලා"
"පොඩ්ඩක් ඉන්න සර්"
කල්පයක්වන් මිනිත්තු 2කට පමණ පසුව පිලිගැනීමේ නිලධාරිනිය තුණ්ඩු කෑල්ලක් දික්කලේ
"සර් මෙතන මැඩම්ගෙ සෙකට්‍රිගෙ නම්බර් එක තියනවා. එයාට කතා කරලා බලන්න මොකක්හරි කරයි."
දරුවාත් කරපින්නාගෙනම එලියටවිත් එම දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තෙමි.
"හෙලෝ"
"can I speak to Dr Ishani?"
"May I know to whom I'm speaking to?"
"I'm a father of her patient and his blood counts are low. Can I speak to her?"
"Hold on"
තත්පර කීපයකට පසු.
"Hello"
"Hello madam My child is a patient of yours and his patelet counts are low and he looks pale and Asiri laboratory ppl said me to meet his doctor. where should I come?"
මම හිතේ තියන බර සැහැල්ලු කරගන්නට උත්සාහ කලෙමි.
"wait.. wait.. relax and let me know wht his platelet count is ?"
"yesterday it was 29,000 and today its 27,000. I also got dengue two months back and it is very serious isn't it doctor?"
මාගෙ ඉවසිල්ල ඉක්මවා යමින් පවතී.
"hold on hold on we can't come to conclusions like that. ok tell me his WBC value?
"It's also 29,000"
"Ohhh... and lympocytes?"
"It's 80 percent"
"Okkk...I tell you one thing you go and meet Dr nawamaalika in ninewells and she will tell you wht to do ok"
"ok maa'm"
"Ok bye"
නැවතත් දරුවා රැගෙන ඇතුලට යාමට මම දරුවාත් සමග මාගෙ බිරින්දෑ කොතනක් සිටීදැයි බැලුවෙමි.
මේ කිසිවක හාංකවිසියක්වත් නොදන්නා මගෙ අසරණයා ඔහුට පුරුදු සිඟිති උයනේ සී සෝ පදින්න ට හදයි.
"සුදූ යමු ඇතුලට. වෙන ඩොක්ට කෙනෙක්ව හම්බවෙන්න කිව්වා"
ඊලග කොටස
තනිව දරුවකු රකින පියකු ලෙස ඔබේ අත්දැකීම තුල ගිලුනෙමි. දෑසට කඳුළු නැගිණි.
ReplyDeleteකියවමින්...
ReplyDelete