Sunday, February 19, 2012

සෙනසුරාදා...(01)

මෙතෙක් කතාව
කොතනින් පටන් ගන්නද?

" තාත්ත් තාත්ත්...."
මාගේ පිටට නැගගත් මගේ පොඩි එකා අශ්වයා ගෝං ටික් ටික් කරන්නටයයි බල කරන්නට පටං ගන්නාවිට උදෑසන 0700ත් පහුවී තිබුනි.නමුට් එදින ඉස්පිරිතාල වන්දනාවේ යෑමට තිබුනු බැවින් මම මද දුරක් සුදු පුතා පිටේ ගෙනගොස් තැබුවෙමි.
"පිටි කුක්කු එපා... අම්ම කුක්කු ඕනෙ" ගැටගසාගෙනීමට හැකි එකම වචන ටික කියා මා ප්‍රිය බිරින්දෑගෙන් බැනුම් අසනමුත් කීයට හෝ මව්කිරි ලැබෙනබව දන්නා නිස බිරිඳගේ පස්සෙන් වැටෙමින් සිට යන්තම් පැය බාගයක් පමණ එල්ලී සිටි  සුදුපුතාත් මගදිගට ලැබෙන  toys සහ අකුරුතුනේ චිකන් මතක් කර ගමනට ලෑස්ති කර ගත්තෙමු.
කවදත් පුරුදු ලෙසට උදේ 800ට පිටත්විය යුතුවූ ගමන යන්තමින් 1030ට පිටත්වුනෙමු.
අලුත් පාලම ලඟින් බසයෙන් බෙසගත් අපි තුන්සකරියක නැගී නාරාහේන්පිට පිහිටි ආසිරි මෙඩිකල් රෝහලට පිවිසුනෙමු.

FBC , BLOOD PICTURE සහ  USS

මුලින්ම මානෙල් පනාපිටිය මහත්මිය නිර්දේශ කර තිබුනෙ ඉහත පරීක්ෂණ යුගලයයි. මාගේ දහඩිය මහන්සියෙන් සහ බිරිඳගේ රතු ලේ කිරට හරවා ලබාදුන් රුධිරය පරීක්ෂණ නලයකට මගේ පුතුගේ බලවත් විරෝධය හමුවේ එකතු වනවිට පුතුගේ විලාපය හමුවේ අපි කඳුළු පිරි දෙනෙතින් බලා සිටියෙමු. හෙදියක් ලබා දුන් රතුපාට ලොලිපොප් එකකට රැවටෙනතෙක්ම සුදුපුතා තමාගෙන් ලේ ගත් දුක නොනවත්වා මට කියන්නට විය.දෙවනියට සදහන් පරීක්ෂණය සදහා දොස්තර නොමති බවින් අපි සුදුපුතාත් සමග යුනියන් ප්ලේස් කේඑෆ්සී බලා නැවතත් පිටත්වූයේ උදෑසන වූ පොරොන්දුව ඉෂ්ට කිරීමටය.පොරොන්දුව දරුවාටත් වඩා අපි දෙන්නා ඉෂ්ට කර ගැනීමෙන් පසු නැවතත් ආසිරි මෙඩිකල් රෝහල බලා පිටත්ව ගියෙමු.
ආසිරි මෙඩිකල් රෝහලට වී අප තිදෙනා විකිරණවේදිනිය එන තෙක් බලා සිටින විට නැවතත් මාගේ ජංගම දුරකතනය බමනය වන්නට වූයේ කිසිදා නොදන්නා කොළඹ නොම්මරයකනි.
"සර් කොහෙද ඉන්නෙ පුලුවන් තරම් ඉක්මනට බබාත් එක්ක ඇවිල්ලා බ්ලඩ් එකක් දෙන්න. සාම්පල් එකේ පොඩි අවුලක් වගේ" ඇමතුම ආසිරි මෙඩිකල් රෝහලෙනි.

ඊළඟ කොටස