Friday, November 9, 2012

නොඉවසිලිමත් දවසක්

 මෙතෙක් කතාව

කොතනින් පටන් ගන්නද?
සෙනසුරාදා (01)
සෙනසුරාදා(02)

 නයින්වෙල්ස්

 ඉෂානි රොඩ්‍රිගෝ වෛද්‍යතුමිය උපදෙස් දුන් පරිදි නැවතත් රෝහල තුලට පිවිසි අපට නවමාලිකා වෛද්‍යතුමිය හමුවේ අපගේ පරීක්ෂන වාර්තා දිගහැරීමෙන් පසු නැවතත් මාහට ඉෂානි රොඩ්‍රිගෝ මැතිනියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණී.

"මැඩම් මට ඇත්තම කියන්න පුතාට හොදටම ඩෙංගු නේද?"

"හ්හ්ම්ම්ම්  we can't come to conclusions like that"

"එහෙනම් මෑ'ම් මොකද වෙලා තියෙන්නෙ?"

" සමහර වෛරල් ෆ්ලූවලටත් ඔහොමවෙනවා. වර්ස්ට් කේස් එක වෙන්න පුලුවන් ලියුකේමියා.  we can't conclude like that.but let see "

නයින්වෙල්ස් රෝහල අසල විශාල වැඩබිමකි. දොඹකර යන්ත්‍රයකින් විශාල යකඩ බටයක් ඔසවාගෙන යයි.ආරක්ෂක නිලධාරියෙක් වාහන හසුරුවමින් සිටියි.සුදු පුතා නැවතත් සීසෝ පැදීමට යාමට බිරිදට වධ දෙයි. නමුත් මේ සියල්ල මොහොතකට නතරවී මගේ ජංගම දුරකතනය රැදි අත වෙව්ලන්නට විණි.

" මම එන්නෙනම් ආසිරි එකටයි නයින්වෙල්ස් එකටයි විතරයි වෝඩ් රවුන්ඩ්ස්. ඔයාලට පුලුවන්ද දෙකෙන් එකක ඇඩ්මිට්වෙන්න"

නුහුරු දැවිල්ලකින් වැසීයන ඇස් කෙවෙණි තද කරගෙන....

" ඕකේ මෑ'ම්" කිව්වෙමි.

බිරිදගේ නැගනියත් අඩු මසකින් ලැබුනු දරුවාත් රැගෙන  ඉස්පිරිතාල වන්දනාවේ යන සමයකි. ඔවුන්ගේ වෑන් රථය ඒ මොහොතේ නයින්වෙල්ස් රෝහලට පැමිනියේ ඒ දියනියගේකුමක් හෝ වාර්ථාවක් ගැනීමටය. එය කුමක්දැයි දැන් මතකයට නොපැමිනේ. වෑන් රථය පදවාගෙන ආ චාමර අයියාත් හොඳහැටි දුම් පානය කරන්නෙකි. එදිනවල මාත් එසේමය. දෑසෙ කඳුලු පිසදමමමින් ඔහුත් සමඟ එලියට ගිය මම උගුරට දෙකට දුම්වැටිය උරා දැම්මේ සිතේ ඇති ආතතිය මඟහරවාගැනීමේ අදහසිනි.

'ඇඩ්මිට් කරන්නම් කිව්වට කෝ සල්ලි. ලීසින් එකකුත් දාලා ඒ මදිවට අතේතියන හැම තඹ දොයිතුවම යටකරලා කාර් ගත්ත. දැන් ලෙඩකට දුකකටවත් අතෙ සහපහක් නෑ. දවස් කීයක් ඉන්න වෙයිද කවුද දන්නෙ' මගේ හිත යකාගෙ කම්මලක් මෙනි.

" සුදූ සල්ලි කොහෙන්ද සුදූ ආසිරි ඇඩ්මිට්වෙන්න."

" කරන්න දෙයක් නෑ බබා.මම කොහොමහරි මොනවාහරි කරන්නම් "

"ඔව් යමු. රත්ත්‍රන් බඩුවක් හරි තියන්න බැරිය. අනික  LRH ගිහිල්ලා ඉන්නත් බෑනෙ"

"ඔව් ඔයා ඔහොම ඉන්න මම සල්ලි ටිකක් අරගෙන එන්නම්"

බිරිඳත් දරුවාත් එතන රදවා මා පෙට් මැෂිමක් හොයායන්නට වීමි. අතරමගදී මට නැවතත් වෛද්‍යතුමිය අන්තිමට කියූ දෙය මතක් විය.

""වර්ස්ට් කේස් එක වෙන්න පුලුවන් ලියුකේමියා""

"මගේ කොල්ලට ලියුකේමියවනම් මම මැරෙනවා චාමර අයියෙ" බිරිඳ බියටපත්වන නිසා හිරව තිබූ සියලු සිතුවිලි මහා හඬින් ඉකිබිදුමක්ව පිටවෙන්නට විය.

" ඉහි ඉහි .........මට ජීවත්වෙලා වැඩක් නෑ චාමර අයියෙ එහෙම එකක්නම්. මම මගේ ජීවිතේට මිනිහෙක්ට වරදක් කරල නෑ චාමර අයියෙ එහෙම දෙයක් වුනොත් මම මැරෙනවා චාමර අයියෙ........."

ඊලඟ කොටස



11 comments:

  1. අදම නෙව ආවේ ..ටිකක් ඉහල පැලැන්තියේ කේස් එක්ක වගේ නේද...පරණ එව්වත් කිවලාම ආයෙ කමෙන්ට් කරන්නමකො..
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් නොකලොත් නකම් කමෙන්ට් ප්‍රමාණය අඩු වෙයි ඕං..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. කළුපාට පසුබිමේ කියවිමේ අපහසුවක් තියනවා යාළු, අනිත් පාඨයන්ගෙනුත් අහලා සුදුස්සක් කරන්න. සමහරක් විට දහවල තිස්සේ වෙහෙසුන මගේ ඇස් මට අරියාදු කරනවද දන්නේ නැනේ


    මට නං මේ ලියන එව්වායේ රහක් තියනවා . දිගටම ලියන්න දිගටම මම එනවා බලන්න

    ReplyDelete
  3. මුළ ඉඳලම බැලුවා අකලංක... ඊට පස්සේ බැලුවේ ... මම අකලංක කියන එකට යටින් තියෙන එක.... ඇත්ත... ඒක මගෙත් ලොකු පැතුමක්....

    ReplyDelete
  4. මේක ඇත්ත කතාවක් ද? අනේ මන්දා.. ඔයා ලියලා තියෙන විදිහට නම් ඇත්තමයි කියලා හිතෙනවා.. ඒ දරුවට ඉක්මණින් සුව වේවා..

    ReplyDelete
  5. දරුවන් ඉන්න අපි වගේ ඇයට මේක දැනෙනවා වැඩියි. මොකද මමත් මේ වගේ අවස්ථා වලට මුහුණ දීල තියෙන නිසා.

    ReplyDelete
  6. සුදීකගෙ කොමෙන්ටුවක් දිගේ මාත් ආවා මේ පැත්තට. හරිම සංවේදී පෝස්ටුවක්. මුල්ම කොටස් ඉඳලා කියවාගෙන එන්නම්...

    ReplyDelete
  7. වදින්න ලියල තියෙනවා...

    ReplyDelete
  8. මාත් මේ පැත්තට ආවා ඔන්න. දැන් හොදයිද දරුවට?

    ReplyDelete
  9. ඉතුරු ටික කියවන්නත් එක්ක ආවේ. ඒත් වේදනා සහිත සිදුවීම් ආයි ආයි මතක් කරන එකත් වේදනාවක් බව හැබෑව

    ReplyDelete
  10. අනේ මගේ හිත එකපාරටම නතර උනා වගේ උනා.

    ඔව් සියළුම ලියුකේමියා රෝගියෝ සුවපත් වේවා.

    සියලුම රෝගියෝ සුවපත් වේවා . . . !

    ReplyDelete
  11. අද තමා ඕං තැන හොයා ගත්තෙ

    ReplyDelete