මෙතෙක් කතාව
එදින නිවාඩු දිනයක් වූ බැවින් නාරාහේන්පිට මහජන බැංකුව අසල වැඩි සෙනඟක් නොවීය. ඉක්මනින් පැමිණ දරුවාත් සමඟ නැවත ආසිරි මෙඩිකල් කරා වෑන් රථයෙන්ම ගියෙමු. බිරිඳගේ මව සුදු පුතා ලඟට රැගෙන අලුත උපන් නංගියා පෙන්නයි. අනිකුත් සියලු දෙනාම කතා කිරීම අමතකවුනු පිරිසක් ලෙසින් ආසිරි රෝහල අසලටම ගියෙමු. රථගාලෙන් වෑනය නවත්වා බිරිඳගේ නැගණියත් දරුවාත් රථයේ තබා දරුවාත් රැගෙන හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පියමැන්නෙමු.
හදිසි ප්‍රතිකාර ඒකකයෙ ඇති නානාප්‍රකාර යන්ත්‍රසූත්‍ර දුටු මගේ කොලු පැටියාට එයින් එකක් කඩන තුරු ඉවසුමක් නැත. ECG යතුරු පුවරුව ඔබා ඇසෙන බීප් නාදයට කට කන ගාවට එනතුරු සිනාසෙයි. එම ඒකකයේ හෙදියන්ගේ සුරතලා බවට පත්වීමට කොල්ලා ගත්තේ මිනිත්තු කීපයකි.
ෆෝම් කීපයක් පිරවීමෙන් පසු රෝහල් කාමරයක් වෙත ගියෙමු. මීට සති කීපයකට එපිටදී බිරිඳගේ නැගණියගේ දරුවා සමග සිටි බැවින් එමරෝහල් කාමරයත් සුදු පුතුට පුරුදු තැනක් වී තිබුනි. අප කාමරයට එනවිටම ඉෂානි රොඩ්‍රිගෝ වෛද්‍යතුමියගේ උපදෙස් පරිදි පරීක්ෂණවලට රුධිර සාම්පල් ලබා ගැනීමට තාක්ෂණවේදීන් දෙදෙනෙක් පැමිණ සිටියහ.
" ඌයි...." හඩ කිසිදු රිදුමක් නොදී හැදූ මගේ පොඩි එකාගෙන් පිටවුනේ කන්පෙත්ත පිටුපසින් විද කෝම්බ් ටෙස්ට් එක සිදුකරන විටයි.
"අඩන්න එපා අම්මා ඉක්මනටම ගෙදර යනවානෙ" බිරිද හොදටම රිදී අඩන කොලු පැටියා නලවාගැනීමට අසාර්ථක උත්සාහයක් ගත්තාය.
ඔලුව හොදටම කකියයි. සිගරට්ටුවක් බීමට සුදුසුම වෙලාවක් බව හැගෙන්නට පටන් ගෙන ඇත.
"සුදූ ඔයා ඔහොම ඉන්න. මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එන්නම්"
"සිගරට් බොන්නද? අකලංක මාවයි මේ ලමයයි දාලා මෙතන යන්න ඔයාට පිස්සුද? පොඩ්ඩක් ඉන්න" බරපතලකම ගැන තවම නොදන්නා ම'බිරිය කුණු කුණු ගාන්නට පටන්ගත්තේ මගේ හිසරදය උග්‍ර කරමිනි.
නෑසුකන්ව පහලට ගිය මම මගදී සේවා ස්ථානයටද ඇමතුමක් රැගෙන විස්තරය කෙටියෙන් පවසා ආසිරි රෝහල අසලින් දිවෙන අතුරුපාරට පිවිස සිගරට්ටුවකින් ආතතියට හුලං ගැසුවෙමි.
නැවත රෝහල් කාමරයට එනවිට හැඩීමෙන්ම හෙම්බත්ව කොලු පැටියා නිදන්නට සූදානම්ව සිටියේය. බිරිදත් දරුවාත් අසලින් මාත් ඇලවුනේ හවස ඩොක්ටර් ඉශානි ආවිට ඉක්මන් තීරණයකට පැමිණ මෙම ආරෝග්යශාලාවෙන් පිටව යනවා යන සිතුවිල්ලෙන්මය.
"අකලංක, නැගිටින්න. ගෙදර නොවෙයි.ඩොක්ට කෙනෙක් ඇවිල්ලා"
බිරිදගෙ හඩින් අවදිවූ මා දුටුවේ තරමක් තරබාරු ප්‍රසන්න පෙනුමකින් යුත් දොස්තර කෙනෙකි.
" ගුඩ් ඊවිනිං. කොහොමද බබාට? කාලද? කිරි බීලද? ඉන්නෙ"
"බත් ටිකක් කෑව්ව ඩොක්ට. මෙයා වැඩිය කන්නෙ නෑ. මගෙන් කිරි ටිකකුත් බීල තමා නිදාගත්තෙ"
"ආ වෙරි ගුඩ්. ලොකු ප්‍රශ්නයක් නෑනෙ. ලෙඩදුක් කියන ඒවා කියල නොවෙයිනෙ එන්නෙ. ඉන්න මම පොඩ්ඩක් බබා බලන්න. නැගිට්ටවන්න එපා"
"පුතාට ලොකු ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?" බිරිද බයාදු ස්වරයෙන් ඇසුවාය.
"මටනම් එහෙම පේන්න නෑ. අපි බලමුකො මැඩම් ආවාම? කලබල නොවී ඉන්නකො. මම ඉන්නව එහා පැත්තෙ මොනවහරි තියනම් කතාකරන්නකො" වෛද්යවරයා කාමරයෙන් පිටවෙමින් කිව්වේය.
"කලබල නොවී කොහොමද? බිල ගෙවන්නෙ පොලීසියෙන්ද?" බිරිද දවසේ ප්‍රථම සිනහව සලමින් රහසෙන් මෙන් මට කිව්වාය.
"ඔව් ඔව් මැඩම් ආපු ගමන් කියලා අපි යමු" මමත් ආයාසයෙන් සිනහවක් නගාගෙන පැවසුවෙමි. මේ අවස්ථාව වනවිටත් මගේ බිරිදට තත්වයේ බැරෑරුම්කම හෝ වෛද්යතුමිය පැවසූ කිසිදෙයක් පිලිබදව හාංකවිසියක්වත් දැනී නොතිබුනි. කියම්දෝ නොකියම්දෝ දෙලොවක් අතර මම තනිවී සිටියෙමි.
කාලෙකින් ආපහු ලියන්න පටන් අරං. හරිම සංවේදීයි. දරුවන්ට රිදෙනකොට අපිට ඒ වගේ දෙගුණයක් රිදෙනවා. මගෙත් මේ වගේ අත්දැකීමක් තියෙනවා. ලියන්නම් වෙලාවක.දිග කතාවක් නෙවෙයි.
ReplyDeleteසුභාෂ් අය්යෙ බලන්න ටොපික් එක. මේක ඇරඹුමක් විතරයි.
Deleteටැක්ටර් සෝමෙ කියල මාම කෙනෙක් හිටිය අපෙ ගමේ. එයා කරේ ගඩොල් කපපු එක. එයාගෙ බාලම පුතාටත් මේ කියන අසනීප තත්ත්වෙ තිබුණ. ගඩොල් කපල හොයන හැම සතයක්ම වියදං කරේ ඒ ළමය වෙනුවෙන්.ඒ වගේම තමා කරපු කැපවීම.එයාගේ බිරිදත් මං හිතන්නෙ එයාටත් වැඩිය වයසයි වගේම ඇගත් කේඩෑරි වෙලා ගියපු ශරීරයක් හරියට පරඩැලක් වගේ ඒ හිංදා එයාට ඒ ලමයත් අරන් කොළඹ එන්න බෑ. ඒ මාම තමයි හැමදාම පුංචි දරුවත් වඩාගෙන කොළඹ මහ ඉස්පිරිතාලෙට ආවෙ.ගමේ මිනිස්සු උදව් නොකර හිටියෙ නෑ. අද ඒ දරුව හමුදාවෙද කොහෙද වැඩ කරනවා.මං දන්න විදියට ඒ අසනීපෙ ගැන එච්චරයි මම දන්නෙ. දිලාන් අයියෙ පුතාට ඉක්මනින්ම සනීප වෙන්ටය කියල මං මුළු හදින් ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඑතකොට මෙන්න අකලංක...
ReplyDeleteදරුවෙක්ට අසනීප වුනාම දැනෙන පීඩනය, වේදනාව.... අනේ අම්මේ...මට නම් පිස්සු වගේ එවෙලෙට. සමහර වෙලේට ඩොකාගෙන් බෙහෙත් අරන් ඇවිත් තව යාළු, හිතවත් ඩොකාලාටත් කෝල් කරලා අහනවා බය වැඩිකමට.
මම ඉක්මනටම දරුවා හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කළා ඔන්න. මොකද ඩොක්ටර් ඉෂානි හොඳ Pediatrician කෙනෙක් නේ.
මට ඔයා මුන ගැහුනේ අවුරැදු උත්සවය ඉවර වෙලා එලියට යනකොට මගේ පොතේ බෙිලෝග් එකේ නම ලියලා දුන්නට අද තමයි අවෙි
ReplyDeleteEmotional...Your story brought tears to my eyes... I wish him to get well soon.. Please let us know what happened next
ReplyDeleteමල්ලි උඹේ කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වේ අද.. වෙන මොකුත් හිතට එන්නේ නෑ දැන් පොඩි එකාට හොඳටම හොඳයි කියල හිතෙනව ඇර..
ReplyDeleteහරිම සංවේදීයි... කඳුළු පිරි නෙත් වලින් මා මේ කතාවේ කොටස් මේ වන තෙක් එක හුස්මට කියෙව්වා. මට ඔබ ගැන දරුවාගැන බොහෝ දුකයි. ඒත් සසර හැටි මේ වගෙයි. අනන්ත කරදර දුක් විඳිමින් මා ද ළමා වාට්ටුවක සේවය කරනවා. එනිසා මට මේ දේ වැටහෙනවා. සියල්ල දරා ගන්න ඔබ දෙන්නාට ශක්තිය දිරිය ලැබේවා
ReplyDelete