Thursday, July 18, 2013

තාලියා මගේ දුවේ......


අමතක මතක අලුත් කරගෙන උඹ පහුගිය දොහක යන්නම ගිහිල්ලා......

උඹේ අම්ම තාත්තට විඳින්න වෙච්ච දුක් වේදනාව උඹ මට අලුතෙන් කියන්න ඕන නෑ මගෙ රත්තරනේ මම දන්නවා, දැකලා, අහලා, තියෙනවා ඔය දුක......

උඹේ යූ ටියුබ් චැනල් එක දකින දවසෙ මම දැනගෙන හිටියෙ නෑ මගෙ පුතේ උඹට නියුරො බ්ලාස්ටෝමාත් තියෙනවා කියලා. මගේ අහිංසක කොල්ලා වගේම දෛවයට හිනාවෙන කෙල්ලෙක් කියලයි මම හිතුවේ. 
මට උඹ දැක්ක වෙලේ අප්‍ර්මාණ සතුටක් අරගෙන ආවා......

හැබැයි රත්තරං, උඹේ අම්ම තාත්තට වඩා දුප්පත්වුණාට මගේ රටේ උඹ වගේ ඉරණම ලියාගෙන එන දරුවන්ගෙ අම්ම තාත්තලා පරදිනකම් තරඟෙ අතහරින්නෙ නෑ... උන් දෛවය පරද්දන්න හැම ගුණ්ඩුවම ගහනවා....

උඹ තවදුරටත් ඕනෙනෑ කියලා අතඇරපු ඇටමිදුලු බද්ධය කරන්න ඕන කියනකොට පර්ස් එකේ රු 200.00 ක් විතරක් තිබ්බ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ පොඩි රස්සාවක් කරපු තාත්තෙක් දරුවාට තියෙන්නෙ මේ ලොකෙ තියන දරුනුම ලියුකේමියාව කියලා දැන දැන රු ලක්ෂ 80ක් හොයාගෙන ඉන්දියාවෙ ගිහින් දරුවා පරදිනකම් ගේම ගහනවා මම දැක්කා මයෙ පුතේ... 

ආමි එකේ රියදුරු රස්සාවක් තිබ්බ තාත්තෙක් තුන් පාරක් නියුරොබ්ලාස්ටෝමා කියලා දැන දැන අන්තිමට දෙවියෙක් වගේ ලෙඩ සුවකරන ඩොක්ට වසන්තත් තව ප්‍රතිකාර පලක් නෑ කිව්වත් කෙල්ලව වඩාගෙන ඇඹිලිපිටිය පැත්තෙ, නිකවැරටියෙ,ලේවැල්ලෙ වෙද්දු පස්සෙ ගියා. මම ආඩම්බරෙන් කියනවා එහෙම තාත්තෙක් මගෙත් එක්ක මහරගම බංකු රත්කර කර ඉඳල තියෙනවා පුතේ.... අන්තිමටම මට හම්බවුනු දවසෙ උදේ 6ට වඩාගත්තු අවුරුදු 10ක විතර කෙල්ලව හවස 4ට ලේ එක දෙනකම් බිමින් තිබ්බෙ නෑ ඒ තාත්තා. ලේ එක පරක්කුවෙනකොට මම බ්ල්ඩ් බෑන්ක් එකට ගිහින් ඒක ඉක්මන් කෙරෙව්වාම ඒ තාත්තා ඉකිගගහා මට "සර් බුදුවෙන්න ඕන " කිව්වා මගෙ පුතේ.....

උන් දරුවා පරදිනකං කරන්න තියෙන හැමදේම කලා, වඳින්න තියෙන හැම දේවාලෙම වැන්දා,  උන් ගැන උඹ ගැන වගේ හැම වෙබ් සයිට් එකේම කතාවුණේ නැතත් උන් දෙන්නත් මේ ලෝකෙ ඉන්ස්පයරිං කැරැක්ටර් තමා දුවේ.......

ලංකාවෙනම් උඹ එපා කිව්වත් උඹට අවශ්ය කරන ඔක්කොම වෙදකම් අම්ම තාත්තා කරනවා මගෙ පුතේ.. 

අන්තිම පිදුරුගහෙත් එල්ලෙන අම්මලා තාත්තලා ඉන්න රටක් ඉපදීම ගැන අද මේ බ්ලොග් එක බලන නැන්දල මාමලා සතුටුවෙයි මගේ පුතේ......


අන්තිම වතාවටත් මම අදහන ආගමානුකූලව මට කියන්න තියෙන්නෙ මගෙ රත්තරනේ...

සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොඳුරුනොවී සියලු බුදුවරුන් නිවී සැනසිලිදායකයි වදාල අජරාමර නිවන ලඟා කරගැනීමට මේ මරණයට මුහුනදුන්නටත් වඩා ශක්තිය, ධෛර්ය්ය ලැබේවා...

(ලොවක් හඬවා අවසන් ගමන් ගිය Talia Castellano දියණියගේ අප්‍රතිහත ධෛර්යයට උපහාර පිණිසයි  )




4 comments:

  1. කාලෙකට පස්සේ අකලංක....

    සමහර වෙලාවට මාත් බනිනවා ඔය වෙද්දු පස්සෙයි සාත්තර කාරයෝ පස්සෙයි ළමයි උස්සන් දුවන දෙමවුපියන්ට.. ( හරියට කරන්න ඕනෙ වෙදකම පැත්තක තියලා ඕවා පස්සේ යන අයට..) ඒත් මේක කියෙව්වම හිතුනා ඇත්තටම එහෙම කරන්නේ එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහෙත් එල්ලෙන්න හදන හින්දා කියලා... දරුදුක කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි...

    ReplyDelete
  2. තාලියාගේ ධෛර්යය අගය කල යුතුයි..ස්තුතියි අකලංක මේ සංවේදී තොරතුර බෙදාගත්තාට..

    ReplyDelete
    Replies
    1. මගේ කතාවෙන් පිට යන්න වුණාට සමාවෙන්න. ඒ වුණාට මේ කෙල්ල ඩිසව් දිස් පෝස්ට්

      Delete
  3. අකලංකගේ ඉස්පිරිතාල තක්සලාවට ගොඩ වැදුනේ අද...පලවෙනි දවසෙම සංවේදී පෝස්ට් එකකින් හිත කිරී ගැහුනා.

    ඇත්තටම අපේ රටේ අම්මලා, තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් කොයි තරම් නහෙනවද? අන්තිම කෙස් ගහෙත් එල්ලෙන බලාපොරොත්තුවෙන් දරුවෝ වෙනුවෙන් පෙ වෙන ඒ අයට මේක ලොකු මල්දමක්......

    ReplyDelete